Sunday, January 1, 2012

සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ 1....“


ඔන්න මචං අළුත් අවුරුද්දේ ටිකක් වෙනස් වෙන්න ඕනි කියලා කල්පටත් හිතුනා...ඉතින් මගෙ යාළුවන්ට වැහි පොදින් අවුරුදු තෑග්ගක් දෙන්නයි මේ සූදානම මොකක්ද දන්නවද ඒ?මේ හිටපු කාලෙට කල්පයත් සුන්දර , අත්දැකීම් ගොඩාක් එකතු කර ගත්තා..ඉතින් හිතුනා ඒවා කතා මාලාවක් විදියට ඔයාලත් එක්ක බෙදා ගන්න.මොකද කියන්නේ පොඩ්ඩක් වෙනසකටත් එක්ක බෙදාගමු නේද?....හරි එහෙනම් වින්දනීය සිදුවීම් ගොන්නක් කියවන්නට හැකි අයුරින් අකුරු කරන්නට අවසරයි කල්පට වැහි පොදේ....අද ඉදන් ඔයාලට එකතුවෙන්න පුළුවන් වැස්සේ අළුත්ම විශේෂාංගය “සෙල්ලම්ද කොල්ලෝ” එක්ක.ඉතින් පලමු නිර්මාණ පෙල නිසා ඔයාලගෙ අදහස් උදහස් මට ගොඩාක් වටිනවා.ඒවත් දක්වන්න කියලා ආරාධනය කරනවා.

සැ.යු: මෙහි සමහරක් නම් සහ සිදුවීම් මනංකල්පිත ඒවා බවත් හුදු කතාංගයේ රසාස්වාදය කෙරේ පමණක් ඇතුලත් කර ඇත. (හි හි එහෙම කිව්වට ඉතින් බාගෙට බාගයක් ඇත්ත ආතල් තමයි කොල්ලෝ......හි හි)



කිරි කිරියේ උදේ පාන්දර විලි ලැජ්ජාවේ පොඩි අහිංසක ගේමකින් වැඩේ start කොරන්ඩ හිතුනා...ඕං එහෙනම් සෙල්ලම්ද කොල්ලෝ ආ....හි හි හි හි




මේක වුනේ ඔය අපි විද්‍යාලයට යන කාලේ......ඒ කාලේ අපි ඔය ඉස්කෝලේ පොලිස් ඒකකයේ හිටියනේ.(ඕකට එහෙම කියන්නේ අපේ උප විදුහලිපතිතුමා...අපේ එවුන් සතෙක්ගේ නමින් තමයි ඒ උත්තම පුරුෂයා හදුන්වන්නේ. ඒ අපේ එවුන්ගේ කුජීතකම).ඔන්න ඉතින් එක දවසක් අපේ සිත්තරා සෑර් (චිත්‍ර සර්) අපිට කිවුවා අල්ලපු ගමේ කාන්තා විද්‍යාලයක උත්සවයකට අංගයක් කරන්න කියලා....අංගයක් කිවුවට ඒක ඇත්තටම අවමංගල්‍යයක්.මැරෙන්න කලින් හොල්මන් කරන්න තමයිලු තියෙන්නෙ.(හොල්මන් ගුහාවක් කොල්ලෝ)ඉතින් බලාපල්ල අපේ නසරානි සෑර් කාරයත් අපිට සෙට් කරන්නේ ඔය වගේ ගොබ්බ ගොබිල වැඩ තමයි.

ඉතින් ඔන්න අපේ කස්ටියත් එකතු කරගෙන වැඩේට බැස්සා.(බැස්සා කිව්වට තියෙන තැනට ගිය එක තමයි කලේ).කට්ටියම ගෙවල් වලට පානිය දාලා දෙයියනේ කියලා ඔය අවමංගල්‍යයය කරන්න කිව්ව තැනට ආවා කිරි අප්පට නයා ගහපි! යකෝ මේක සහලෝලෙන්ම ගල් තලාවක්නෙ..මේකේ ඔය කියන අවමංගල්ලේ කරන්න ගියොත් දවස් දෙකෙන් තක්කු මුක්කු වෙන්නේ...ආ මට කියන්න අමතක වුනානේ අපේ කස්ටිය ටික කවුද කියලා.මමයි,කොටා,තට්ටෙ,ජොන්ටි,රනේ,ආ එදානම් තම්බිත් හිටියා.ඒකත් කලබ් එකේ නිවාඩු දිනයක් හින්දා.නැත්නම් ඕකා ඒ රෙද්ද අස්සෙමයි.ඔන්න කතාව අස්සේ කොටා කට ඇරියා..කටක් කිවුවට ඒක ලෝකාන්තෙ වගේ.

“බොල, මේකට පුවක් ගස් පහ හයක් ඕන.මොකද කරන්නේ...“

යකෝ මේ ගුස්පියට ගස් වලින් තොර ලොවක් නෑනේ.මේ රෑ මොන ගස්ද?...ගෙදර ඉන්න බැරි අමාරුවට මගුලක් කරන්න ආවා..මූ මේ රෑ ගස් බාන්න කතා කරනවා.ජොන්ටි ඈත ඉදන් මන්තර ජප කරනව වගේ මොනවද කිව්වා.ඇහුන විදියට නම් කොටාගේ අක්කව මතක් කලා වගේ.කොහොම කොහොම හරි අපි රනේලයි ගෙදරට යන්න පටන් ගත්තා....නයි කයිද ගල් පුවක්..! ටික දුරයි යන්න ලැබුනේ මහ හයියෙන් ගල් කැට වගේ වහින්න ගත්තනේ.මොනව කරන්නද? ඇදපිය පුතේ හපුතල් කියලා අපි ඉස්සරහට යන්න ගත්තා..මේ ජරමර අස්සේ අපේ ජොන්ටි ඇවිදින ගමන් පරේ බුදි.. රෑ 11 ට විතර අපි රනේලයි ගෙදරට සේන්දු වුනා..යකෝ මිනිස්සු ගෙදරට එන වෙලාවක්ද මේ...මම පස්සට වෙලාම හිටියා මොකෝ ඉතින් උගේ අම්මා ඇවිත් කොහු පාරක් දුන්නොත් අපේ අය ඒකත් බෙදාගෙන කාවි.අන්න අපේ සෙට් එකේ ෆිට් 1.(එකෙක් නෑර)හි හි හි

උගේ ගෙදරින් බඩ පිරෙන්න මුකුත් නොකා අපි වැඩේට බැස්සා...හොද එකා කියන්නේ ගෙදර ගාවම තිබ්බා රනේ ඊට කලින් දවසේ කපාපු උණ තොගයක්...පුවක් මොකද! උණ මොකද ! අනික ඔය උණ අපේ නායක සංසදෙත් එක්ක ලණුවට කණුව වගේ...අපේ හැම දේටම උණ තිබ්බා.එකනේ දවසක් ඔය අපේ ගොරෝට (අපි ඌට කියන්නේ එහෙමයි) උගේ වයිෆ් නංගි කියල තියෙන්නේ “අයියාට හැම වැඩේටම උණ නේද? කියලා“ මූත් ගල් මයිනා නේ ගත් කටටම කියලා “ඔව් ඔව් නංගිට ඉස්සරහට තේරෙයි කියලා“ අනේ මගේ කට .........ඉතින් ඉතින් මමත් කට ඇරියා බැරිම තැන

“පුදුම බඩ ගින්නක් බං තියෙන්නේ, ගල් බනිස් ගෙඩි 2ක්3ක් තිබ්බනම් මරේ මරු“
“මේ මහ රෑ කොහේද මයිනො ගල් බනිස්,මේ වෙලාවට තියෙන බනිසුත් පොරණුවෙ“ ජොන්ටි මගේ ඇගට ගොඩ විය.
එවන් සිකනලෙකු මරා පාප කර්මයක් කර ගැනීමට මට හිත් නොදීය.

“යමන් යමන් ඉස්සරහට මොනවහරි හොයාගමු“කොටා කට ඇරියා.නොදොකින් කොල බොක්කට යනකම්ම පේනවා..උගේ කට
ඔන්න ඉතින් අපි හිමීට රනේලයි පුරාණ විහාරය යට පාරෙන් ඇවිදන් යන්න ගත්තා.ඌ කියන විදිහට මේකේ ඉන්න තිරුවානාගොඩ ගිරිවංශ හාමුදුරුවෝ කලින් සැතපෙනවලු.ඒකලු මේ පලාතම කට්ට කලුවර මේ තරම් ඉක්මනට පන්සලේ ලයිට් නිවන නිසා....


ඔහොම ඔහොම ගිහින් අපි නැවතුනේ රනේලා ක්‍රිකට් සෙල්ලම් කරන ගල්තලාව ලග.එවෙලෙත් වවුල්ලු අතරේ world cup semi final එකක්.ඔන්න ඉතින් අපි පොඩ්ඩකට වාඩි වුනා.ඒ අතරේ අපේ තමිබිට පිප්පි බරක් හැදිලා බැද්දට රිංගුවා.අපේ එවුන්ට ඈනුමයි ඔය බරයි දෙක තනිවෙන්නේ නෑලුනේ.ඌ යනවා දැක්ක පාර මටත් ඔය ලෙඩේ හැදුනා.

අපේ එවුන්නම් කියන්නේ මට සීනි ලු.වෙන්නැති මොකද ඔය ඒ කාලේ නංගි කෙනෙකුත් එක්ක(ඉස්සර හිටියා) ගලක් පල්ලේ රිංගුව වෙලේ ඒකි මගේ කන හපලා කියපි
“අනේ ඔයා හරි sweet කියලා“ ඈ ඒක කිව්ව ගමන්ම මම ඒකිගෙත් කන හපලා බැලුවා පැණිරසද කියලා.මොකද නැත්නම් කවදාහරි අපේ පොඩ්ඩා සෙවනගල සීන් පැක්ටරියට දෙන්න වෙයිද දන්නේ නෑනේ.ඕක දැකපු ආචිචිකෙනෙක් දෙස් දෙවොල් තියෙනවා “විලි ලැජ්ජ නැති හැ...“ කියලා.ඇයි යකෝ මේක හරි කරුමයක්නේ ඒකිගේ හපන්නේ නැතිව මම මොකෝ ආච්චිගෙ හපන්නද?ඔන්න ඔය වෙලාවට තමයි මට ඉතින් වදුරු කුණුහරුප කටට එන්නේ(බය වෙන්න එපා කටට ආවට මම කියන්නේ නෑ)

ටික වෙලාවකින් තමිබි එනවා දුවගෙන

“අඩේ අප්පා මාර ෂනීපයි බං සතියකින් විතර ඔය බැද්දට රිංගුවේ“
“නොදකින් ගල් හිවලා ,තොගේ අහවල් එක කුනු වෙලා ඇති එහෙනම්“
“කැ..ත වචන කියන්න එපා බං..“
“ඒක නෙමේ මොකෝ උඹ දුවගෙන ආවේ? ඇයි පිප්පි යකා වත් ආවද?“
“පිෂ්ෂුද බං! යේක නෙමේ අතන තියෙනවා මරු මුරුෂි ගහක්, ගෙඩ්ඩි පිරිලා“
“වෑවරත් ඇති එහෙනම්“මම කීය.
“හ්හ්හ්හ්ම්“
“ඔන්න ඕකට තමයි කියන්නේ දෙන දෙයියෝ රෙද්ද අන්දලම දෙනවා කියලා“
“නෑ නෑ එතන ෂෙද්දක් නෑ අප්පා...“
ඉතින් බලහල්ලකෝ මූට අර අපේ ආච්චි කියන අහවල් එකෙන් ගහලත් මදි.

“යමන් යමන්“ රනේ ඉස්සර වුනා.
මමත් උගේ පස්සෙන් ගියා.මොකද ඉතින් මටනෙ වැඩිපුරම බඩ ගින්න.අනිත් එවුන් වාඩි වෙලා ඉදිද්දී අපි දෙන්නා ගල් බැම්ම දිගේ මුරුසි ගහ ලගට ගෑටුවා...

කොහොම කලත් හොරකමක්නේ බොල....

“අඩේ මේකේ උස බලහන්කෝ“

“ඔහොම ඉදහන්කෝ“මම ඌව ඉස්සුවා.

අනේ අම්මපා වත්ත පිටිය වැඩකට නම් අත් වෙව්ලනවා.හොරකමට නම් කියාපු අත් දෙක.මගේ අත් දෙක උඩ නැගලා රනේ තාප්පෙට ගොඩවුනා.අම්මට සිරි මෙන්න මූ සිග සිග ගාලා ගහ දිගේ බඩ ගානවා..මට ඇත්තටම හිතුනා මේ වගේ දක්ෂ ක්‍රීඩකයන්ට රජයෙන් සලකනවා මදි කියලා.ගේ පැත්තෙන් සද්ද බද්ද මුකුත් නෑ.ඒකත් හොදා කිව්වලු.නැත්නම් ඉතින් අපි දැක්කම ගෙදර ගෑනි වෑවර කපන්න පිහියකුත් ගෙනැල්ලා දේවිද කවුද දන්නෙ.පව්නේ රෑ ජාමේ අවදි කරවන එක.ඒ නිසා වෑවර බාන එක අපි දෙන්න හිමීට කරන්න ඉටා ගත්තා.රනේ 1වැනි ගෙඩිය කඩලා මගේ අතට දුන්නා.මම හිමීට ඒක අරන් බිමින් තිබ්බා.මූ දෙවැනි එකත් කරකවන අතරේ මම ආයේ වත්ත පැත්ත බැලුවා...නයි කයිද ගල්බනිස්...!!

ජොන්ටියි ,තට්ටෙයි,කොටයි වත්ත ඇතුලේ.....අඩ අඩා සන්තෝෂේ බෑ..ඇයි යකෝ අහවල් මගුලකටද ඒ රෙද්ද අස්සේ රිංගුවේ.මම තවත් මගේ ඇහැ වත්තට zoom කලා.උන් කරන වැඩේ දැක්කම මට හිතුනා ඇදන් ආව ෂර්ට් එක ගලවලා යටින් ඇදලා යට ත්‍රිකෝනේ උඩින් අදින්න...අනේ අපේ මැරිච්ච බල්ලා පල්ලා..නොදෝකින් මේ වගේ හිවල්ලු ටිකක්.


___මතු සම්බන්ධයි................______

4 comments:

  1. හප්පේ උං ටික මොනවද කරේ.....

    ReplyDelete
  2. @ඔබ නොදුටු ලොවක්-ඒක තමා....යක්කු ගස් නගින වෙලේ මුන්ට පිස්සු හැදිලා....බලන් ඉන්නකෝ ලිව්ව ගමන් දානවා..!!

    ReplyDelete
  3. ඔන්න මමත් ආවා

    ReplyDelete
  4. ස්තූතියි ලොකු ජෝන්.....ඉක්මනටම දාන්නම් ඊලග කොටස...ඔබට ජය!!

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........